ස්වයං රැකියාවල නිරත පිරිසට පහසුවෙන් තම ව්‍යාපාර සිදුකරගෙන යාම සඳහා නව වැඩපිළිවෙළක් ආරම්භ කෙරුණා.
මහර මැතිවරණ කොට්ඨාසයේ විසිරී සිටින ස්වයං රැකියා ලාභීන්ට එක් ස්ථානයකදී සිය වෘත්තිය කරගෙන යාම සඳහා මහර මංසන්ධියේ ඉදිකළ වෙළෙඳ සංකීර්ණය රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණා. මෙම වෙළෙඳ සංකීර්ණය හේතුවෙන් ස්වයං රැකියාවල නිරත පිරිසට මහත් සහනයක් සැලසෙනවා. මීට සමගාමීව ස්වයං රැකියාලාභී සුළු වෙළෙදුන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ද ක්‍රියාත්මක කෙරුණා. ලසන්ත අලගියවන්න , සිසිර ජයකොඩි යන රාජ්‍ය අමාත්‍යවරුන් ද මෙම අවස්ථාවට සහභාගි වුණා.
The post ස්වයං රැකියාවල නිරත පිරිසට පහසුවෙන් තම ව්‍යාපාර සිදුකරගෙන යාම සඳහා නව වැඩපිළිවෙළක් appeared first on ITN News.
Post a Comment