කොරෝනා වසංගතය හේතුවෙන් වසරක පමණ කාලයක් වසා දමා තිබූ කැලිෆෝනියාවේ නිදහස් උද්‍යාන යළි විවෘත කර තිබෙනවා.
දැඩි සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් උද්‍යාන වෙත ළඟා වීමට අවසර ලබා දී ඇති බවයි කැලිෆෝනියා සෞඛ්‍ය අංශ පවසන්නේ. ප්‍රාන්ත වැසියන්ට පමණක් මුල් දින කිහිපය තුළ උද්‍යානවලට ඇතුලු වීමට අවසර ලබා දී තිබෙනවා. වසරකට ආසන්න කාලයක් දැඩි සීමා යටතේ කාලය ගත කළ කැලිෆෝනියා වැසියන් විනෝදාස්වාදය සදහා නිදහස් උද්‍යාන වෙත පිවිසෙන ආකාරය දැක්වුනේ මෙලෙසින්. ඉදිරි දින කිහිපය තුළ ඩිස්නිලන්තය සහ යුනිවර්සල් ස්ටුඩියෝ යන ස්ථාන ජනතාවට විවෘත වන බවයි දැනුම් දී තිබෙන්නේ.
The post වසරක පමණ කාලයක් වසා දමා තිබූ කැලිෆෝනියාවේ නිදහස් උද්‍යාන යළි විවෘත කෙරේ appeared first on ITN News.
Post a Comment