Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අන්තවාදය ප්‍රවර්ධනය කළ දෙදෙනෙකු TID අත්අඩංගුවට  

Add comments

අන්තර්ජාලය හරහා වහබ්වාදය සහ අන්තවාදය ප්‍රවර්ධනය කළ  පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය සමත්වී තිබෙනවා. අන්තවාදය හා වහබ්වාදය වෙනුවෙන් ක්‍රියා කළ තවත් හතර දෙනෙකු මීට පෙර අත්අඩංගුවට ගත්තා.

සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ කාත්තණ්කුඩි ප්‍ර දේශයේදීයි. ඔවුන් විසි අටවන හා විසි නව වන වියේ පසුවනවා. සැකකරුවන් කටාර් රාජ්‍ය යේ සිට වට්ස්ඇප් ඔස්සේ මෙරට අන්තවාදය හා වහබ් වාදය ප්‍රවර්ධනය සදහා ක්‍රියා කර තිබෙනවා.

අයි එස් අයි එස් මතවාදය සදහා යොමු වී සිටීම හේතුවෙන් ඔවුන් කටාර් රාජ්‍ය යේදී බන්ධනාගාර ගත කර ඇති බවයි පොලිසිය පවසන්නේ. පසුගිය නොවැම්බර් 21 වනදා ඔවුන් දෙදෙනා තවත් පුද්ගලයන් හතර දෙනෙකු සමග මෙරටට පිටුවහල් කර තිබෙනවා. එම හතර  දෙනා ත්‍රස්ත ක්‍රියා විමර්ශන කොට්ඨාශය මගින් මීට පෙර අත්අඩංගුවට ගත්තා.

The post අන්තවාදය ප්‍රවර්ධනය කළ දෙදෙනෙකු TID අත්අඩංගුවට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG