Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

උතුරු පළාතේ “ගම සමග පිළිසඳර” ප්‍රථම වැඩසටහන හෙට  

Add comments

උතුරු පළාතේ “ගම සමග පිළිසඳර” ප්රථම වැඩසටහන වව්නියාව දිස්ත්රික්කයේ, වව්නියාව උතුර ප්රාදේශීය ලේකම් බල ප්රදේශයට අයත් වෙඩිවෛත්යකල්ලු ග්රාමසේවා වසමේ දී පැවැත්වේ. ගැමි හමුව සඳහා බෝගස්වැව මහා විද්යාල භූමිය තෝරාගෙන තිබේ. මෙය “ගම සමඟ පිළිසඳර” වැඩසටහනේ 17 වැන්නයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්රධානත්වයෙන් හෙට (03) උදේ 10.00 ට ඇරඹෙන සංවාදයට දිස්ත්රික්කයේ මැති ඇමතිවරු ප්රමුඛ මහජන නියෝජිතයෝ, අමාත්යාංශ ලේකම්වරු සහ විවිධ ආයතන ප්රධානීහූ සහ නිලධාරීහූ එක් වෙති.
වව්නියාව නගරයේ සිට කිලෝමීටර් 38ක් පමණ දුරින් නැගෙනහිරින් හා දකුණින් අනුරාධපුර දිස්ත්රික්කයේ පදවියට හා කැබිතිගොල්ලෑව ප්රාදේශීය ලේකම් කොට්ඨාසයටත්, බටහිරින් නන්දිමිත්ර ගම්මානයටත් මායිම්ව වෙඩිවෛත්ය කල්ලු ග්රාම නිලධාරී වසම පිහිටා තිබේ. බෝගස්වැව1, බෝගස්වැව2, කම්බිලිවැව, වෙඩිවෙත්යකල්ලු, කෝවිල්පුලියන්කුලම සහ වෙහෙරතැන්න ගම්මාන ග්රාමසේවා වසමට අයත්ය. පවුල් 478කින් සමන්විත වෙඩිවෛත්යකල්ලු ග්රාමයේ ජනගහණය 1520කි. වී සහ හේන් ගොවිතැන ජනතාවගේ ප්රධාන ජීවනෝපාය වේ.
වෙඩිවෛත්යකල්ලු හා අවට ගම්මානවල ජනතාව දිගු කලක සිට පොදු ප්රශ්න රැසකින් පීඩා විඳිති. අධ්යාපන සහ සෞඛ්ය ගැටලු ප්රධාන තැනක් ගනී. 2010 වසරින් පසු සංවර්ධනය නොවූ අතුරු මාර්ග, නිවාස, විදුලිය ඇතුළු යටිතල පහසුකම් ඌනතාව, පානීය සහ වගා ජල හිඟය, කෘෂිකාර්මික ගැටලු මෙන්ම වන අලි තර්ජනය ඇතුළු ප්රශ්නවලට ජනතාව මුහුණ දී සිටිති. ඉඩම් අයිතිය පිළිබඳ ගැටලුවට ස්ථීර විසඳුම් ලබා ගැනීම, වැව් සහ ඇල වේලි සංවර්ධනය, බෝගස්වැව රෝහල වැඩිදියුණු කිරීම, පොහොර ගබඩාවක් ස්ථාපනය කිරීම ගැමි ජනයාගේ සෙසු ඉල්ලීම් අතර වෙයි.
ජනාධිපති රාජපක්ෂ මැතිතුමා “ගම සමග පිළිසඳර” වැඩසටහන සැලසුම් කළේ දේශපාලන බලධාරීන් හා නිලධාරීන් කැටුව තමාම ගමට ගොස් ගැමි ජනතාව පෙළන ආර්ථික සමාජ ගැටලු සියැසින් දැක ඒවාට සවන් දී කඩිනම් විසඳුම් දීමෙන් ග්රාමීය ජනතාවගේ අභිවෘද්ධිය සැලසීමේ අරමුණ ඇතිවය. කෘෂිකර්මය මත පදනම් වූ ශක්තිමත් ජාතික ආර්ථිකයක් ගොඩනැගීම “සෞභග්යයේ දැක්ම” ප්රතිපත්ති ප්රකාශනයෙන් ජනතාවට දුන් ප්රධාන ප්රතිඥාවකි.
තවමත් රටේ ජනගහණයෙන් 75%ක් පමණ වන ග්රාමීය ජනතාව දිගුකලක සිට විවිධ වූ ආර්ථික, සමාජ ප්රශ්න සමුදායකින් පීඩා විඳිති. ඉඩම් හිඟය, නිරවුල් ඉඩම් ඔප්පු නොතිබීම, පානීය සහ වගා ජල හිඟය, මාර්ග හා ප්රවාහන දුෂ්කරතා, සෞඛ්ය සහ අධ්යාපන ප්රශ්න, අලි මිනිස් ගැටුම, නිලධාරී තන්ත්රයේ උදාසීන බව ඒ අතර ප්රමුඛස්ථානය ගනී. ගැමි ජනයා වෙතින් ගැටලු හඳුනාගෙන ඔවුන්ගේම අදහස් හා යෝජනා පාදක කර ගනිමින් රාජ්ය නිලධාරීන්ගේ සහය ඇතිව ඒවා විසඳීම මේ වැඩසටහනේ දී සිදු කෙරේ. විසඳීමට කල්ගතවන ගැටලු පසුව ආමන්ත්රණය කරනු පිණිස සටහන් කර ගනු ලැබේ.
ගැමි ජනතාව පීඩාවට පත් කරන ප්රශ්න එක් පාර්ශ්වයක කෝණයෙන් පමණක් බලා තේරුම් කිරීම විසඳුම් පමාවට හේතුවක් බව ජනාධිපතිතුමා අදහස් කරයි. නිලධාරීහූ එක් ආකාරයකටත්, ගැමියා තවත් ආකාරයකටත් ප්රශ්නය දකිති. ප්රශ්නයේ සියලු පැති නිවැරදිව හඳුනා ගැනීමෙන් විසඳුම් දීම පහසු බවත්, කඩිනම් කළ හැකි බවත් ජනාධිපතිතුමා පෙන්වා දෙයි. මෙතෙක් පැවති “ගම සමග පිළිසඳර” වැඩසටහන්වලදී මේ මාදිලිය උපයෝගී කර ගනිමින් ප්රශ්න ගණනාවකට එසැණ සහ පසුකාලීන විසඳුම් දීමට හැකි විය.
2020 සැප්තැම්බර් 25 වැනි දින බදුල්ල දිස්ත්රික්කයේ “ගම සමග පිළිසඳර” වැඩසටහන ආරම්භ විය. මාතලේ,රත්නපුරය,අනුරාධපුරය,අම්පාර,පොළොන්නරුව,කලුතර,මොණරාගල,කෑගල්ල,මහනුවර, පුත්තලම, ත්රිකුණාමලය, කුරුණෑගල, ගාල්ල, නුවරඑළිය සහ මාතර දිස්ත්රික්ක ආවරණය වන පරිදි පසුගිය වැඩසටහන් සංවිධාන කෙරිණ.

The post උතුරු පළාතේ “ගම සමග පිළිසඳර” ප්‍රථම වැඩසටහන හෙට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG