දැයට එළිය ජාතික වැඩසටහන යටතේ දිවයිනම ආවරණය කරමින් සමෘද්ධිලාභී පවුල්වලට නොමිලේ විදුලිය ලබා දෙන්න රජය ආරම්භ කළ වැඩසටහන මේ වන විට සාර්ථකව ක්‍රියාත්මක වනවා.
දැයට එළිය වැඩසටහන යටතේ මින්නේරිය මැතිවරණ කොට්ඨාසයේ ඇලහැර හා හිගුරක්ගොඩ සමෘද්ධි පවුල් 410 කට නොමිලේ විදුලිය ලබා දීම සිදුවුණා. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල මහතාගේ ප්‍රධානත්වයෙන්. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ විදුලිය නොමැති සියලු සමෘද්ධි පවුල් සඳහා කඩිනමින් විදුලිය ලබා දීමට අවශ්‍ය කටයුතු සංවිධාන කර තිබෙනවා.
මේ අතර පුත්තලම දිස්ත්‍රික්කයේ කරුවලගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ විදුලිය නොමැති සමෘද්ධීලාභී පවුල්වලට විදුලි බලය ලබා දීම සිදුකෙරුණේ රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතගේ ප්‍රධානත්වයෙන්. එළඹෙන සිංහල දෙමළ අලුත් අවුරුද්දට පෙර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ විදුලි බලය නොමැති සියලු සමෘද්ධිලාභී පවුල් සඳහා විදුලිය ලබා දීම රජයේ අරමුණයි.
The post දැයට එළිය ජාතික වැඩසටහන දිවයින පුරා සාර්ථකව appeared first on ITN News.
Post a Comment