Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මියන්මාර හමුදාව කුමන්ත්‍රණයෙන් අනතුරුව මේ දක්වා ළමුන් 43 දෙනෙකු ඝාතනය කර ඇති බව හෙළිවෙයි  

Add comments

මේ වසරේ පෙබරවාරි මස පළමුවනදා සිදුවූ හමුදා කුමන්ත්‍රණයෙන් අනතුරුව මේ දක්වා මියන්මාර හමුදාව එරට ළමුන් 43 දෙනෙකු ඝාතනය කර ඇති බව වාර්තා වනවා.

සේව් ද චිල්ඩ්රන් සංවිධානය මෙම තොරතුරු හෙළි කර තිබෙනවා. ඝාතනයට ලක්වූ ලාබාලතම දරුවාගේ වයස අවුරුදු 7 ක්. මියන්මාර හමුදා එල්ල කළ වෙඩි තැබීම් හේතුවෙන් මේ දක්වා එරට සාමාන්‍ය වැසියන් 500 කට අධික සංඛ්‍යාවක් මිය ගොස් තිබෙනවා. මේ වන විට මියන්මාර හමුදා සහ එරට සුළු ජාතික සන්නද්ධ කණ්ඩායම් අතරද ගැටුම් ආරම්භ වී තිබෙනවා. මියන්මාරයේ වත්මන් තත්ත්වය ඉතාමත් අනතුරුදායක බවයි මියන්මාරයේ සිටින එක්සත් ජාතීන්ගේ නියෝජිතවරයා පවසන්නේ.

 

The post මියන්මාර හමුදාව කුමන්ත්‍රණයෙන් අනතුරුව මේ දක්වා ළමුන් 43 දෙනෙකු ඝාතනය කර ඇති බව හෙළිවෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG