Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කොවිඩ් නිසා බලපෑමට ලක්වූ පවුල්වලට 5000 දීමනාව හෙට සිට  

Add comments

අග්‍රාමාත්‍ය ලේකම්වරයා විසින් නිකුත් කර ඇති චක්‍රලේඛය අනුව සමෘද්ධි ලාභීන්, අඩු ආදායම්ලාභීන්, වැඩිහිටි, ආබාධිත සහ වකුගඩු රෝගී දීමනා ලාභීන් සියවස් පූර්ණ වැඩිහිටි දීමනාව ලබන්නන් සහිත පවුල් සදහා එම දීමනාව ලබාදීමට නියමිතයි.

දීමනාව ගෙවීමේ දී ප්‍රතිලාභී පවුලකට ගෙවීම සිදු කරනු ලබන්නේ එක් කාණ්ඩයක් යටතේ පමණක් බව අදාළ  චක්‍ර ලේඛය මගින් දක්වා තිබෙනවා. එමෙන්ම ඡන්ද හිමි නාම ලේඛනයේ එක් ගෘහ මූලික අංකයක් යටතේ ලියාපදිංචි වී සිටියද අනු පවුල් වශයෙන් ජීවත් වන පවුල් සදහා ද ගෙවීම් සිදු කරනු ලබනවා.

හෙට සිට මෙම රුපියල් පන්දහසේ දීමනාව ලබාදීමට නියමිතයි. ග්‍රාම නිලධාරී කොට්ඨාස මට්ටමෙන් ප්‍රතිලාභී පවුල් හදුනා ගැනීම සිදුවෙනවා. ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාව තුරන් කිරීම සදහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය මෙන්ම සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව එක්වයි වැඩපිළිවෙළ ක්‍රියාවට නංවන්නේ.  මේ අතර පවුල් ඒකක ලක්ෂ තිහ ඉක්මවා මෙම දීමනාව ලබාදීමට කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසනවා.

 

The post කොවිඩ් නිසා බලපෑමට ලක්වූ පවුල්වලට 5000 දීමනාව හෙට සිට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG