Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අඛණ්ඩව පස්වන දිනටත් ඉන්දියාවේ දෛනික ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි  

Add comments

අඛණ්ඩව පස්වන දිනටත් ඉන්දියාවෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවා ගියා.

ගතවූ පැය 24 ට එරටින් කොරෝනා ආසාදිතයින් 152,682 දෙනෙකු හමුවී ඇති අතර සිදුව ඇති මරණ සංඛ්‍යාව 838ක්. වයිරස ව්‍යාප්තිය අඩාල කිරීමට මහා රාෂ්ට්‍ර ප්‍රාන්තය  තවදුරටත් වසා තැබෙන බවයි වාර්තා වන්නේ. කෙසේ වුවද මේ වනවිටත් එරට කඩ සාප්පු බොහොමයක් වසා දමා ඇති අතර සති අන්තය තුළදී ඇදිරි නීතියද ක්‍රියාත්මකයි. මහා මාර්ග ද පාලු ස්වභාවයක් ගන්නා බව එරට මාධ්‍ය සඳහන් කරනවා. ලොව වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වන රටවල් අතර තුන්වන ස්ථානයේ පසුවන ඉන්දියාවෙන් හමුවී ඇති ආසාදිතයින් සංඛ්‍යාව එක් කෝටි තිස් හතර ලක්ෂයකට ආසන්නයි.

 

 

The post අඛණ්ඩව පස්වන දිනටත් ඉන්දියාවේ දෛනික ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG