පිළිකා කාරක අඩංගු පොල්තෙල් සම්බන්ධයෙන් සොයා බැලීමට නීතිපතිවරයාගේ උපදෙස් පරිදි අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේන්තුව විශේෂ විමර්ශන කණ්ඩායමක් පත්කර තිබෙනවා.
වෙළෙදපොළේ පොල්තෙල් සාම්පල අහඹු ලෙස පරික්‍ෂා කිරීමේ කටයුතු ද මේ වන විට රට පුරා ක්‍රියාත්මකයි. වෙළෙදපොළෙන් ලබාගත් පොල්තෙල් සාම්පල 125 ක් පරික්‍ෂා කිරීමේදී ඉන් 109 ක ඇෆ්ලටොක්සින් පිළිකා කාරකය අඩංගු නොවන බවට හෙළි වුණා.
මේ අතර ඇෆ්ලටොක්සින් ඉහළ ප්‍රතිශතයක් අඩංගු බවට තහවුරු වූ කටාන රිෆයිනරීස් සමාගම ගෙන්වූ පොල්තෙල් බහාලුම් ආපසු රැගෙන යාම සදහා අදාළ නෞකාව මේ වන විට දිවයිනට පැමිණෙමින් තිබෙන බවයි වාර්තා වන්නේ. කොළඹ වරායට එම නෞකාව අනිද්දා පැමිණිමට නියමිත අතර තෙල් තොගය ප්‍රතිඅපනයනය කිරීමට නියමිතයි.
The post පිළිකා කාරක අඩංගු පොල්තෙල් ගැන සෙවීමට විශේෂ විමර්ශන කණ්ඩායමක් appeared first on ITN News.
Post a Comment