රුපියල් පන්දහසේ දීමනාව ලබා දීමට සමෘද්ධි නිලධාරීන් අද දිනයේ ද කටයුතු කරන ආකාරය දැකගත හැකි වුණා. දීමනාව ලබාගත නොහැකි වූ අයට හෙට දිනයේ ද එම මුදල ලබා දෙන බවයි සමෘද්ධි කොමසාරිස් ජනරාල්වරයා නිවේදනය කළේ. කෙසේ වෙතත් අවුරුදු නැකතටම බොහෝ දෙනෙකුට පන්දහසේ දීමනාව ලබා දීම විශේෂත්වයක්.
ග්‍රාම නිලධාරී කොට්ඨාස මට්ටමෙන් හදුනා ගත් පවුල් වෙනුවෙන් රුපියල් පන්දහසේ දීමනාව ලබා දීමේ වැඩපිළිවෙළ ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාව තුරන් කිරීම සදහා වූ ජනාධිපති කාර්යසාධක බළකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතාගේ මැදිහත්වීම මත එම බළකාය හා සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව එක්වයි ක්‍රියාවට නංවා ඇත්තේ.
සමෘද්ධි ලාභීන්,අඩු ආදායම්ලාභීන්,වැඩිහිටි,ආබාධිත සහ වකුගඩු රෝගී දීමනා ලාභීන් සියවස් පූර්ණ වැඩිහිටි දීමනාව ලබන්නන් සහිත පවුල් සදහා එම දීමනාව ලබාදීම සිදුවනවා. පසුගිය දිනවල එය ලබා ගැනීමට නොහැකි වූ අයට හෙට දිනයේ ඊට අවස්ථාව සලසා දී තිබුණ ද ඇතැම් නිලධාරීන් අද දිනයේම මෙම මුදල ලබා දීමට ගෙන් ගෙට යන ආකාරයයි දැකගත හැකි වුණේ.
The post 5000 ලබාගත නොහැකි වූ අයට හෙට එම මුදල ලබා දෙන බව සමෘද්ධි කොමසාරිස් කියයි appeared first on ITN News.
Post a Comment