ඇමෙරිකා එක්සත් ජනපදයේ මිනසෝටා හිදී කළු ජාතිකයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමත් සමඟ ඇතිවූ ගැටුම් තවදුරටත් උත්සන්න වී තිබෙනවා.
කළු ජාතිකයෙකු පැද වූ මෝටර් රථයක් නවතා ඔහු පරික්‍ෂා කිරීමේදීයි මෙම ඝාතනය සිදුව ඇත්තේ. ඝාතනය සිදු කළ පොලිස් නිලධාරිනිය සඳහන් කළේ තමන්ට වැරදීමකින් ගිනි අවිය ක්‍රියාත්මක වී මරණය සිදු වූ බවයි. කෙසේ වෙතත් 4 වන දිනටත් බිහිසුණු උද්ඝෝෂණ ව්‍යාපාර ගණනාවක් ඇමෙරිකාව තුළ ක්‍රියාත්මක වෙමින් තිබෙන බව වාර්තා වනවා. සිද්ධියට සම්බන්ධ පොලිස් නිලධාරිනිය සහ පොලිස් ප්‍රධානියෙකු ඉල්ලා අස්වී ඇති බවයි වාර්තා වන්නේ.
The post කළු ජාතිකයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමත් සමඟ ඇමරිකාවේ ගැටුම් තවදුරටත් උත්සන්නවෙයි appeared first on ITN News.
Post a Comment