අමෙරිකාවේ ලුසියානා ප්‍රාන්තයට සුළි කුණාටුවකින් බලපෑම් එල්ල වී තිබෙනවා.
සුළි කුණාටුව සමඟ ඇතිවූ වර්ෂාව හේතුවෙන් ගංවතුර තත්ත්වයක්ද හට ගෙන ඇති බවයි වාර්තා වන්නේ. ලුසියානාහි ප්‍රදේශ රැසක විදුලි සැපයුමද ඇණ හිට තිබෙනවා. ගමනාගමනයද ඇණ හිටීම හේතුවෙන් දෛනික ජන ජීවිතය අඩාල වී තිබෙනවා. ඉදිරි පැය කිහිපය තුළදී සුළි කුණාටුව ලුසියානාහි දකුණු දිග ප්‍රදේශ වෙත ගමන් කරනු ඇති බවයි ප්‍රාන්ත කාලගුණික අංශ දැනුම් දී තිබෙන්නේ.
The post අමෙරිකාවේ ලුසියානා ප්‍රාන්තයට සුළි කුණාටුවකින් බලපෑම් appeared first on ITN News.
Post a Comment