බංග්ලාදේශයේ සිදු වූ බෝට්ටු අනතුරකින් පුද්ගලයින් 05 දෙනෙකු ජීවිතක්ෂට පත් ව තිබෙනවා.
මගී ප්‍රවාහන බෝට්ටුවක් භාණ්ඩ ප්‍රවාහන කුඩා නෞකාවක ගැටීමෙනුයි මෙම අනතුර සිදුව ඇත්තේ. බෝට්ටුවේ මගීන් 50 දෙනෙකු පමණ ගමන්ගත් බව බලධාරීන් සදහන් කරනවා. අනතුරින් පුද්ගලයින් රැසක් අතුරුදන් ව ඇති බවයි වාර්තා වන්නේ. කොරෝනා වයිරස් ව්‍යාප්තිය මැඩලීමට රට වසා දැමීමත් සමග තම නිවෙස් කරා යමින් සිටි ජනතාව මෙම බෝට්ටුවේ ගමන් කර තිබෙනවා. බංග්ලාදේශය බෝට්ටු අනතුරු බහුලව සිදුවන රටක් ලෙස හැදින්වෙන අතර ඉන් සිය ගණනක ජනතාවක් වසරකට ජීවිතක්ෂයට පත් වෙනවා.
The post බංග්ලාදේශයේ සිදු වූ බෝට්ටු අනතුරකින් 5 දෙනෙකු ජීවිතක්ෂට appeared first on ITN News.
Post a Comment