Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

වහාම ක්‍රියාත්මක වන පරිදි පාම් ඔයිල් ආනයනය තහනම් කෙරේ  

Add comments

වහාම ක්‍රියාත්මක වන පරිදි පාම් ඔයිල් ආනයනය සම්පූර්ණයෙන් තහනම් කිරීමට රජය පියවර ගෙන තිබෙනවා.ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් පරිද් අදාළ ගැසට් නිවේදනය අද නිකුත් කරන ලෙස ජනාධිපති ලේකම්වරයා ආනයනය අපනයන පාලක වෙත දැනුම් දුන්නා.

දැනට ආනයනය කර ඇති පාම් ඔයිල් නිකුත් කිරීම සම්පූර්ණයෙන් නතර  කරන ලෙස රේගු අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට උපදෙස් දී තිබෙනවා. ඒ සමඟම කටුපොල් වගාවද සම්පූර්ණයෙන්ම තහනම් කෙරෙන බවද ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළා. කටුපොල් වගාව තහනම් කිරීම සඳහා ජනාධිපතිතුමා දී ඇති  උපදෙස් බලාත්මක කරමින් අදාළ නීති යටතේ නියෝග පනවා තිබෙනවා. කටුපොල් වගාව ක්‍රමයෙන් නතර කිරීමට ජනාධිපතිතුමා උපදෙස් දී තිබුණේ මීට මාස 06 කට පමණ පෙරයි. දැනට පවතින කටුපොල් වගාව වරකට  10% බැගින් වරින් වර ගලවා ඉවත් කෙරෙනවා. ඒ වෙනුවට රබර් හෝ පරිසර හිතකාමී වෙනත් වගාවන් සිදු කිරීමට අදාළ සමාගම් හා ආයතන සමඟ කටයුතු කෙරෙනු ඇති.

 

 

 

The post වහාම ක්‍රියාත්මක වන පරිදි පාම් ඔයිල් ආනයනය තහනම් කෙරේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG