Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ලන්ඩන් නුවර මියන්මාර තානාපති කාර්යාලය වසා දමයි  

Add comments

ලන්ඩන් නුවර සිටින මියන්මාර තානාපතිවරයාට සිය කාර්යාලයට යා නොදී එම කාර්යාලය වසා දමා ඇති බව වාර්තා වනවා. ඒ හේතුවෙන් තානාපතිවරයා කාර්යාලයෙන් පිටත රැඳී සිටින බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ.

ලන්ඩනයේ මියන්මාර තානාපති යාව් ස්වාර් මින් හට තානාපති කාර්යාලය වෙත ඇතුලු වීමට ඉඩ නොදී එය අගුලු දැමීමට ලන්ඩනයේ සිටින මියන්මාර හමුදා නිලධාරියෙකු කටයුතු කර තිබෙනවා. මියන්මාර තානාපති යාව් ස්වාර් මින් හට  තවදුරටත් ලන්ඩනයේ මියන්මාර තානාපතිවරයා ලෙස සේවය කළ නොහැකි බවයි ඔවුන් දැනුම් දෙන්නේ. ඒ හේතුවෙන් තානාපති කාර්යාලයේ සියලු සේවකයින්ද මහාමාර්ගයේ රැඳී සිටින බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ. හමුදා කුමන්ත්‍රණයකින් මියන්මාරයේ බලය පැහැර ගෙන මේ වන විට මාස දෙකක කාලයක් ඉක්මවා ගියත් මියන්මාරයේ තත්ත්වය යහපත් අතට හැරී නොමැති බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.

 

The post ලන්ඩන් නුවර මියන්මාර තානාපති කාර්යාලය වසා දමයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG