ඉන්දියාවේ යළිත් දෛනික ආසාදිත සංඛ්‍යාව ලක්ෂය ඉක්මවා ගොස් ඇති බව වාර්තා වනවා.
ගතවූ පැය 24 තුළ එරටින් වර්තා වූ නව ආසාධිතයින් 126,315 ත් සමඟින් ඉන්දියාවෙන් වාර්තා වන සමස්ත කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 12,928,574 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ගතවූ පැය 24 තුළදී ඉන්දියාවෙන් නව කොරෝනා මරණ 684 ක්ද වාර්තා වුණා. ඒ අනුව ඉන්දියාවෙන් වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව 166,892ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඉන්දියාව තුළ ඉහළ යන ආසාධන වේගවත් වීම හේතුවෙන් එරට අගනුවර වන නවදිල්ලියට අප්‍රේල් 30 වනදා දක්වා රාත්‍රී ඇදිරි නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කර තිබෙනවා.
The post ඉන්දියාවේ දෛනික ආසාදිත සංඛ්‍යාව යළිත් ලක්ෂය ඉක්මවයි appeared first on ITN News.
Post a Comment