Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පිටකොටුව පාවෙන වෙළඳ සංකීර්ණය ප්‍රතිසංස්කරණය කෙරේ  

Add comments

නිසි නඩත්තුවක් නොමැතිවීම හේතුවෙන් අත්හැර දමා තිබුණු පිටකොටුව පාවෙන වෙළද සංකීර්ණය ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් මත පූර්ණ ප්‍රතිසංස්කරණයකට ලක් කර තිබෙනවා.

මේ සදහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 25ක්. ආකර්ශණීය භූමියක් බවට පත් කරමින් ප්‍රතිසංස්කරණය කෙරුණු පිටකොටුව පාවෙන වෙළද සංකීර්ණය අද පස්වරුවේ ජනතා අයිතියට පත් කිරීමට නියමිත බවයි රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතා සදහන් කළේ.

වත්මන් ජනාධිපති එවකට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සංකල්පයකට අනුව ඉදිකෙරුණු පාවෙන වෙළද සංකීර්ණය විවෘත වුණේ 2014 වසරේදීයී. නමුත් පසුගිය යහපාලන රජය මෙම පාවෙන වෙළද සංකීර්ණය නිසිලෙස නඩත්තු නොකිරීම හේතුවෙන් මෙහි තිබූ වෙළදසැල් 103 න් සියයට 80 ක ප්‍රමාණයක් වැසී ගියා. ලෑලි දිරාපත් වීම, විදුලි ආලෝක පද්ධතිය නිසි පරිදි ක්‍රියාත්මක නොවීම , අනාරක්ෂිත බව , අපිරිසිදු වටපිටාව, දුර්ගන්ධය මෙන්ම නීති විරෝධී සහ විනය විරෝධී ක්‍රියා සිදුවීම නිසා පසුගිය කාලයේදී මෙම පාවෙන වෙළද සංකීර්ණය දිනෙන් දින පරිහානියට පත්වුණා.

රුපියල් මිලියන 312 ක් වැය කරමින්, ඉදිකළ මෙම වෙළද සංකීර්ණයට  වියදම් වූ මුදලින් සියයට 50 ක් වසර 05කින් ලබාගැනීමට වැඩපිලවෙලක් සකස් කර තිබූණද ඊට බාධා ඒල්ල වුණේ මෙම තත්ත්වය යටතේයි.මෙවන් පසුබිමක ජනාධිපතිතුමාගේ සහ අගමැතිතුමාගේ නව ව්‍යාපෘති සංකල්පය යටතේ මෙම පාවෙන වෙළද සංකීර්ණය ප්‍රතිසංවර්ධන කිරීමට තීරණය වී තිබෙනවා.

මෙහිදී කුඩා උද්‍යානයක් ඉදි කිරීම, ජලය පිරිසිදු කිරීම සදහා ජල උපාංග පද්ධතියක් සවි කිරිම, පදිකයන් සදහා පාලමක් ඉදි කිරීම, ඩී ආර් විජේවර්ධන මාවත සහ පාවෙන වෙළද සංකීර්ණය පදික මාරුවක් මගින් සම්බන්ධ කිරීම යන කාරණා ඇතුළත්ව මෙම සංවර්ධන කටයුතු තව දුරටත් සිදු කිරීමට නියමිතයි.

මීට අමතරව බේරේ වැවේ ජලය පිරිසිදු කිරීමට යන්ත්‍රයක් හදුන්වා දීම , පාවෙන වෙළද සංකීර්ණයේ සිට ඩී ආර් විජේවර්ධන මාවත හා නවම් මාවත අවට ප්‍රදේශවල බෝට්ටු සේවාවක් ඇති කිරීම යන කරුණුද මෙම යෝජනා මගින් ඉදිරිපත් කර තිබෙනවා.පාවෙන වෙළද සංකීර්ණය ප්‍රතිසංස්කරණය කර විවෘත කිරීමෙන් පසුව නිරන්තර අලුත්වැඩියා කටයුතු සිදු කිරීම, ව්‍යාපාර හා ප්‍රවර්ධන කටයුතු පවත්වාගෙන යාම සදහා ජනතාවට විවිධ වැඩසටහන් වසර පුරා පැවැත්වීම සදහා ක්‍රමවේදයක් සැකසීමට නියමිතයි.

 

The post පිටකොටුව පාවෙන වෙළඳ සංකීර්ණය ප්‍රතිසංස්කරණය කෙරේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG