ඔලිම්පික් තරඟ සඳහා සුදානම් වන කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ගේ තාක්ෂණික දැනුම වර්ධනය කළයුතු බව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ප‍්‍රකාශ කළා.
ඔවුන් සතු කී‍්‍රඩා හැකියාව දියුණු කිරීම ද වැදගත්. ඒ සඳහා ශ්‍රී‍්‍ර ලංකා උත්තේජක මර්දන නියෝජිත ආයතනයට විශාල වගකීමක් පැවරෙන බවයි එම ආයතනයේ නව පර්යේෂණාගාරය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා පෙන්වාදුන්නේ.
ඊයේ දිනට යෙදුනු ලෝක උත්තේජක මර්දන දිනයට සමගාමීව සුගතදාස ක්‍රීඩා සංකීර්ණ පරිශ්‍රයේ පිහිටි ශ්‍රී ලංකා උත්තේජක මර්දන නියෝජ්‍ය ආයතනයේ නව පර්යේෂණාගාරය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියාසිටියා.
මෙම පර්යේෂණාගාරය නවීන තාක්ෂණික විද්‍යාගාර උපකරණවලින් සමන්විතයි.
මෙහි ඇති අධි තාක්ෂණික උපකරණ හරහා සාම්පලවල තහනම් උත්තේජක තිබේදැයි නිවැරදිව මෙන්ම කඩිනමින් හදුනා ගැනීමේ අවස්ථාව පවතිනවා.
The post ශ්‍රී ලංකා උත්තේජක මර්දන නියෝජිත ආයතනයට නව පර්යේෂණාගාරයක් appeared first on ITN News.
Post a Comment