Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

යාපනයේ අසරණ පවුල් සදහා යුද හමුදාවෙන් ස්ථිර නිවාස ඉදිකර දීමේ වැඩපිළිවෙලක්  

Add comments

යුද ගැටුම්වලින් අවතැන් වූ මෙන්ම අඩුආදායම් ලාභී ලෙස ජීවත් වන යාපනය අර්ධද්වීපයේ අසරණ පවුල් සදහා ස්ථිර නිවාස ඉදිකර දීමේ වැඩපිළිවෙලක් යුද හමුදාව ආරම්භ කරනු ලැබුවා. ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතාගේ උපදෙස් මත යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ මගපෙන්වීමෙන් මෙම වැඩසටහන ක්‍රියාවට නැංවුණා.

ඒ අනුව මේ දක්වා යාපනයේ අසරණ පවුල් 745 කට ස්ථිර නිවාස ඉදිකර දීමට යුද හමුදා රණවිරුවන් කටයුතු කර තිබෙනවා. එම වැඩපිළිවෙල අඛණ්ඩව ක්‍රියාත්මක වන්නේ යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ප්‍රියන්ත පෙරේරා මහතාගේ මූලිකත්වයෙන්. මේ අතර රාජ්‍ය වෙසක් උත්සවය නාගදීපයේ පැවැත්වීම නිමිතිකර ගනිමින් අසරණ පවුල් තුනකට නිවාස ඉදිකර දීමේ වැඩසටහනක් ද මේ වන විට ක්‍රියාත්මකයි.

තමන්ට මෙවැනි උපකාරයක් කිරීම කිසිසේත් අමතක කළ නොහැකි දෙයක් බවයි යාපනය ජනතාව පවසන්නේ.

The post යාපනයේ අසරණ පවුල් සදහා යුද හමුදාවෙන් ස්ථිර නිවාස ඉදිකර දීමේ වැඩපිළිවෙලක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG