කහ වගාව ප්‍රවර්ධනය සදහා කහ බදුන් මිලියන හයක් බෙදාදීමට කටයුතු යොදා ඇති බව රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පවසනවා.
කහ බදුන් මිලියන හයක් බෙදාදීමේ සමාරම්භක උත්සවය ලබන පළමුවනදා ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත බවයි සිය අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී ජානක වක්කුඹුර මහතා ප්‍රකාශ කළේ. කහ ආනයනය තහනම් කිරීමත් සමග මේ වසරේ මෙට්‍රික් ටොන් විසිඅටදහසක කහ අස්වැන්නක් ලබාගැනීමට හැකි වී තිබෙනවා.
මෙරට වාර්ෂික කහ අවශ්‍යතාව මෙට්‍රික් ටොන් හත්දහස් පන්සියයක්. තමන්ට අවශ්‍ය කහ ගෙවතුවලින්ම ලබා ගැනීම සදහා ජනතා උනන්දු කරවීමේ අරමුණිනුයි කහ පැළ බෙදාදීම සිදු කෙරෙන්නේ.
The post කහ බදුන් මිලියන හයක් බෙදාදීමේ සමාරම්භක උත්සවය ලබන පළමුවනදා appeared first on ITN News.
Post a Comment