පසුගිය පැය 24 තුළදී ඉන්දියාවෙන් හමු වූ ආසාදිතයන් සංඛ්‍යාව එක්ලක්‍ෂ තුන්දහස් හත්සිය අනූතුනක්.
ඒ සමගම එරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව එක්කෝටි විසිපන්ලක්‍ෂය ඉක්මවා ගියා. වෛරසය හේතුවෙන් එරට ජීවිත එක්ලක්‍ෂ හැටපන්දහස් එකසිය තිස් දෙකක් අහිමි වී ඇති බවයි සෞඛ්‍ය අංශ සදහන් කරන්නේ. ඒ සමගම අද දිනයේ සිට මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයට ඇදිරිනීතිය පැනවීමට බලධාරීන් අවධානය යොමු කර තිබෙනවා. සති අන්තයේදී සම්පූර්ණයෙන් ප්‍රාන්තය වසා දැමීමට ද තීරණය කෙරුණා. ඉන්දියාවේ විශාලතම නගරය වන මුම්බායි පිහිටා ඇත්තේ ද මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේයි. වෛරස ව්‍යාප්තිය අවම කිරීමට එන්නත්කරණය ද වේගවත් කර ඇති බව සදහන්. මේ වන විට එරට ජනගහණයෙන් මිලියන 80 ක සංඛ්‍යාවකට එන්නත ලබා දී ඇති බව සෞඛ්‍ය අංශ සදහන් කරනවා.
The post කොරෝනා අලුත් රැල්ල ඉන්දියාව වනසන ලකුණු appeared first on ITN News.
Post a Comment