කෝවිඩ් 19 හේතුවෙන් පනවා තිබූ සීමා තවදුරටත් පුළුල් කිරීමට කොලොම්බියාව තීරණය කර තිබෙනවා.
කොලොම්බියාවේ කොරෝනා ආසාදිතයන් ලක්‍ෂ 24 ක් පමණ හමු වී ඇති අතර මරණ හැටහතර දහසක් වාර්තා වුණා. කොරෝනා පාලනය කිරීම සඳහා ලක්‍ෂ 24 ක ජනතාවකට එන්නත් ලබා දීමට ද කොලොම්බියා බලධාරීන් කටයුතු කර තිබෙනවා. රජය නිවේදනය කර ඇත්තේ ඉදිරි උත්සව සමයේ දී සෞඛ්‍ය උපදෙස් මනා ලෙසින් පිළිපැදිය යුතු බවයි. ඇතැම් ප්‍රදේශවලට ඇදිරිනීතිය පැනවීමට ද කොලොම්බියා බලධාරීන් කටයුතු කළා. එරට විශාලම නගරය වන බොගෝටා හි කොරෝනා පැතිරීම වැඩිම අගයක් ගන්නවා.
The post කොලොම්බියාව පනවා තිබූ සීමා තවදුරටත් පුළුල් කරයි appeared first on ITN News.
Post a Comment