අමෙරිකාවේ වොෂින්ටන් නුවර පාර්ලිමේන්තු ගොඩනැගිල්ල ඉදිරිපිටදී පොලිස් නිලධාරියෙක් ඝාතනය කර තිබෙනවා.
අමෙරිකානු කොංග්‍රස් සහ සෙනෙට් මණ්ඩලය රැස්වන එරට පාර්ලිමේන්තු ගොඩනැගිල්ල ලෙස සැලකිය හැකි වොෂින්ටනයේ කැපිටල් හෙල් ගොඩනැගිල්ල ඉදිරිපිටදී පුද්ගලයෙකු සිය මෝටර් රථය එහි රැදී සිටි පොලිස් නිලධාරීන් වෙත ධාවනය කිරීමෙන් එක් පොලිස් නිලධාරියෙක් ජීවිතක්ෂයට පත්වුණා. තවත් එක් පොලිස් නිලධාරියෙක් තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා. මෙය ත්‍රස්ත ප්‍රහාරයක් ලෙස ඍජුවම ප්‍රකාශ කළ නොහැකි බවයි අමෙරිකානු කැපිටල් පොලීසිය සදහන් කරන්නේ.
සිය මෝටර් රථය පොලිස් නිලධාරින් වෙත ධාවනය කළ 25 හැවිරිදි නෝවා ග්‍රීන් නමැති කලු ජාතික තරුණයා පිහියක්ද රැගෙන ඉදිරියට පැමිණ ඇති අතර පොලිස් වෙඩිපහරින් ඔහු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ප්‍රහාරයට පෙර ඔහු සිය සමාජ මාධ්‍ය ගිණුම්වල සදහන් කර ඇත්තේ තමාට රැකියාව අහිමි වූ අතර මානසික බිදවැටීමකට ලක්ව ඇති බවයි. එමෙන්ම තමා ෆරක්කාන් නමැති ඉස්ලාමීය ආගමික නිකායේ අනුගාමිකයෙකු ලෙසද හදුන්වා තිබෙනවා. අමෙරිකා පාර්ලිමේන්තු ගොඩනැගිල්ල ඉදිරිපිට ඇතිවූ මෙම සිද්ධිය පිළිබද විශේෂ අවධානයක් යොමු වුණේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අනුගාමිකයින් පසුගිය ජනවාරි 6 වනදා ඊට කඩාවැදී එල්ල කළ ප්‍රහාර හේතුවෙන්.
The post වොෂින්ටන් නුවර පාර්ලිමේන්තු ගොඩනැගිල්ල ඉදිරිපිටදී පොලිස් නිලධාරියෙක් ඝාතනය කෙරේ appeared first on ITN News.
Post a Comment