පරිසරයට හානි සිදුකරන පුද්ගලයින් ගැන තොරතුරු ලබාදෙන්න දහනවයයි අනූහත ක්ෂණික ඇමතුම් අංකය හදුන්වා දී තිබෙනවා.
පොලිස් මූලස්ථානයේ ස්ථාපිත කර ඇති දහනවයයි අනූහත ක්ෂණික දුරකතන අංකය වෙත පරිසර හානි පිළිබද දැනුම්දීම් සිදුකළ හැකියි. ජනතාවගෙන් ලැබෙන තොරතුරු අනුව වැටලීම් අඛණ්ඩව සිදුකරන බවයි පොලිස් මූලස්ථානය නිවේදනය කර ඇත්තේ. එසේ දහනවයයි අනූහත අංකයට ලැබුණ ඇමතුමක් මත ක්‍රියාත්මක වූ පොලීසිය හිගුරක්ගොඩ මළ ඔයෙහි බලපත්‍ර නොමැතිව වැලි ගොඩදැමූ පුද්ගලයෙකු ලොරි රථයක්ද සමග අත්අඩංගුවට ගනු ලැබුවා.
The post පරිසර හානි පිළිබඳ දැනුම්දීමට ක්ෂණික ඇමතුම් අංකයක් appeared first on ITN News.
Post a Comment