කොවිඩ් -19 වෛරස ව්‍යාප්තිය හමුවේ තාවකාලිකව වසා දමන ලද විශ්වවිද්‍යාල සිංහල දෙමළ අලුත් අවුරුද්දෙන් පසු විවෘත කිරීමට සැළසුම් කර ඇතැයි විශ්වවිද්‍යාල කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සඳහන් කරයි.
කොවිඩ් වසංගතයෙන් පසු විශ්ව විද්‍යාල යළි විවෘත කළ යුත්තේ කෙසේද, ඒ සඳහා අනුගමනය කළ යුතු විශේෂ ක්‍රියා පිළිවෙත් මොනවාද , දේශණ පැවැත්විය යුත්තේ කෙසේද ආදී කරුණු පිළිබඳව විශේෂ චක්‍රලේඛයක් , සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා විසින් සකස් කරමින් සිටින බවද එම උපදේශන මාලාව ඉදිරියේදී නිකුත් කරන බව සම්පත් අමරතුංග මහතා සඳහන් කළේය.
විශ්ව විද්‍යාල පද්ධතියට කොවිඩ් එන්නත ලබාදිමෙන් පසු අධ්‍යනය කටයුතු ආරම්භ කිරීමට මීට පෙර සැළසුම් කර තිබේ. එහෙත් කොරෝනා මර්ධන එන්නත ලබාගැනීම ප්‍රමාද වීම හේතුවෙන් සහ සිසුන්ට තවදුරටත් විශ්ව විද්‍යාලයන්ට පැමිණීම ප්‍රමාද කළ නොහැකි බැවින් සෞඛ්‍ය උපදෙස් මාලාව ලැබුණු පසු අධ්‍යනය කටයුතු ආරම්භ කිරීමට තීරණය කර ඇත.
The post කොවිඩ් නිසා වැසුණු විශ්වවිද්‍යාල අලුත් අවුරුද්දෙන් පසු යළි විවෘත කිරීමට පියවර appeared first on ITN News.
Post a Comment