සිය න්‍යෂ්ටික වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ඉරානය සහ ලෝක බලවතුන් අතර පැවති සාකච්ඡා සාර්ථක වූ බව වාර්තා වනවා.
ඉරානය සමග පැවති න්‍යෂ්ටික ගිවිසුමෙන් 2015 වසරේ දී ඉවත්වීමට හිටපු ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කටයුතු කළා. කෙසේ නමුත් ඇමරිකාවේ වත්මන් ජනාධිපති ජෝ බයිඩන් බලයට පත්වීමෙන් අනතුරුව නැවතත් ඉරානය සමග පැවති න්‍යෂ්ටික ගිවිසුම බල ගැන්වීම සදහා සාකච්ඡා වියානා නුවරදී ආරම්භ කළා.
ලෝක බලවතුන් ඇමරිකාව සහ ඉරානය සමග වෙන් වෙන්ව න්‍යෂ්ටික ගිවිසුම සම්බන්ධයෙන් සාකච්ඡාවල නිරත වූ බවද වාර්තා වුණා.
මේ වනවිට සාකච්ඡා සාර්ථක අදියරක පවතින බවයි ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සදහන් කරන්නේ.
The post න්‍යෂ්ටික වැඩපිළිවෙළ ගැන ඉරානය සහ ලෝක බලවතුන් අතර පැවති සාකච්ඡා සාර්ථකයි appeared first on ITN News.
Post a Comment