මීමුරේ සංවර්ධන ව්‍යාපෘති එම ගම්මානයේ පෞරාණික සුන්දරත්වය හා සංස්කෘතිය ආරක්ෂා වන පරිදි සිදු කරන බව මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් මහතා පවසනවා.
මීමුරේ ප්‍රදේශයේ පැවති ගම සමග පිළිසදරක් වැඩසටහනේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සදහන් කළේ ද ගමෙහි ජනජීවිතයට හෝ සංස්කෘතියට කිසිදු අවස්ථාවකදී හානියන් සිදු නොවිය යුතු බවයි. මීමුරේ සංවර්ධනය සදහා යෝජිත කෙටි කාලීන ව්‍යාපෘති ලබන මැයි මාසය වන විට නිම කළ හැකි බව මහනුවර දිස්ත්‍රික් ලේකම්වරයා සදහන් කළා.
ගම්මානයේ සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගති සමාලෝචන සාකච්ඡාවට එක්වෙමිනුයි ඒ මහතා මේ බව කියා සිටියේ. සනින්වේදන, මූල්‍ය, විදුලිය ඇතුළු පහසුකම් සංවර්ධනය කිරීම සදහා අවශ්‍ය වැඩපිළිවෙල සකස් කර ඇති බවද චන්දන තෙන්නකෝන් මහතා පැවසුවා.
The post මීමුරේ සංවර්ධනය සඳහා කෙටි කාලීන ව්‍යාපෘතියක් appeared first on ITN News.
Post a Comment