දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව හුවමාරුවේ පිටවීමේ දොරටු තාවකාලිකව වසා දමා තිබෙනවා. ඒ ප්‍රවේශපත්‍ර නිකුත් කරන සේවකයන් පිරිසකට කෝවිඩ් 19 ආසාදනය වීම හේතුවෙන්.
දක්ෂිණ අධිවේගී මාර්ගයෙන් පිටවීම අද (28) පෙරවරු 06 සිට නවතා දැමීමට කටයුතු කෙරුණා. කෙසේ වුවත් කොට්ටාව හුවමාරුවෙන් අධිවේගී මාර්ගයට ඇතුළුවීමේ හැකියාව තිබෙනවා. එහෙත් ප්‍රවේශපත්‍ර එම ස්ථානයෙන් නිකුත් නොකෙරෙන බවයි අධිවේගී මාර්ග භාර නිලධාරීන් සදහන් කළේ.
කොට්ටාව හුවමාරුවෙන් රථවාහන පිටවීම සිදු නොකෙරෙන බැවින් ඒ සදහා අතුරුගිරිය සහ කහතුඩුව හුවමාරු භාවිත කරන ලෙස ලෙසද ඉල්ලීමක් කර තිබෙනවා.
The post දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව පිවිසුම අද සිට වැසෙයි appeared first on ITN News.
Post a Comment