Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඉරානය සහ මහා බලවතුන් අතර සාකච්ඡා  

Add comments

ඉරානය සහ මහා බලවතුන් අතර ඇති කර ගත් න්‍යෂ්ටික ගිවිසුමට යළි එක්වීම පිළිබද සාකච්ඡා ඉදිරි සතියේ වියානා නුවර පැවැත්වෙන බව ඇමරිකාව තහවුරු කර තිබෙනවා.

ඇමරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පාලන සමයේ දී ඇමරිකාව ඉරාන න්‍යෂ්ටික ගිවිසුමෙන් ඉවත් වුණා. කෙසේ නමුත් වත්මන් ඇමරිකා ජනාධිපති ජෝ බයිඩන් එම වැඩසටහනට එක්වීම පිළිබද තම අභිලාෂය පල කර තිබෙනවා. පූර්ව කොන්දේසියක් ලෙස ඉරානයට එරෙහිව පනවා ඇති සම්බාධක ඉවත් කිරීමට බයිඩන් පරිපාලනය එකග වී නැහැ. ඉදිරි සතියේ වියානා නුවර පැවැත්වෙන සාකච්ඡාවලදී ඒ පිලිබද යම් ප්‍රගතියක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කරනවා. 2015 වසරේදී ඉරානය චීනය, රුසියා, ප්‍රංශය, ජර්මනිය, බ්‍රිතාන්‍ය සහ ඇමරිකාව සමග සිය න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් එකගත්වයකට එළඹුනා.

 

 

 

 

The post ඉරානය සහ මහා බලවතුන් අතර සාකච්ඡා appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG