තල් ආශ්‍රිත නිෂ්පාදන මෙරට තුළ නැවත ප්‍රචලිත කිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කරන බව අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසනවා.
තල් සංවර්ධන මණ්ඩලයේ අපනයනකරුවන්ගේ වාර්ෂික හමුවට එක්වෙමිනුයි ඒ මහතා මේ බව කියා සිටියේ. වසර සිය ගණනකට පෙර සිට ශ්‍රී ලංකාව තල් ආශ්‍රිත නිෂ්පාදන සම්බන්ධයෙන් විශාල ප්‍රසිද්ධියක් ලබා තිබූ බව රමේෂ් පතිරණ මහතා මෙහිදී පෙන්වා දුන්නා. තල්ආශ්‍රිත නිෂ්පාදකයන් සදහා වෙළෙදපොලක් සකසාදීම කෙරෙහි රජයේ අවධානය යොමු වී ඇති බවද අමාත්‍යවරයා පැවසුවා. කොළඹ සහ ගාල්ල ප්‍රදේශවල අලෙවි සැල් විවෘත කිරීමට සැළසුම් කර ඇති බවයි ඒ මහතා කියා සිටියේ.
The post තල් ආශ්‍රිත නිෂ්පාදන මෙරට තුළ නැවත ප්‍රචලිත කිරීමේ වැඩපිළිවෙලක් appeared first on ITN News.
Post a Comment