දෙවන එලිසබෙත් රැජිනගේ ස්වාමිපුරුෂයා වන එඩින්බරෝ හි ආදිපාද පිලිප් කුමරු මියගොස් ඇති බව බකිංහැම් මාලිගය නිවේදනය කරයි.
මියයන විට ඔහු 99 වන වියේ පසු වුණා.
අද උදෑසන වින්ඩ්සර් කාසල්හිදී අභාවප්‍රාප්ත වූ බවයි බකිංහැම් මාලිගය ප්‍රකාශය කළේ.
පිලිප් කුමරුගේ මරණය ගැන මහ රැජින ප්‍රකාශ කර ඇත්තේ දැඩි ශෝකයෙන්.
රැජින වීමට වසර පහකට පෙර 1947 දී එලිසබෙත් කුමරිය සමඟ කුමරු විවාහ විය.
ඔහු දරුවන් හතර දෙනෙක්, මුනුබුරු මිනිබිරියන් 8 දෙනෙක් සහ මී මුනුබුරු මිනිබිරියන් 10 දෙනෙක් දැකීමට වාසනාවන්ත විය.
The post එඩින්බරෝහි ආදිපාදවරයා වන පිලිප් කුමරු අභාවප්‍රප්ත වෙයි appeared first on ITN News.
Post a Comment