2011 වසරේ ජපානයට ඇති වූ සුනාමියෙන් හානියට පත් වූ ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරයේ ජලය මුහුදට මුදා හැරීමට ජපාන බලධාරීන් තීරණය කර තිබෙනවා.
එම තීරණයට විරෝධය දක්වමින් ජනතාව උද්ඝෝෂණවල නිරත වන බවයි වාර්තා වන්නේ. විකිරණශීලී ජලය සාමාන්‍ය පරිසරයට මුදා හැරීමත් සමග දැඩි පරිසර හානියක් ඇති වීමට ඉඩකඩ ඇති බවට උද්ඝෝෂකයන් අනතුරු අගවනවා. එම තීරණයට විරෝධය දක්වමින් අත්සන් හාරලක්‍ෂ පනස්දහසකින් යුත් පෙත්සමක් ද රජය වෙත භාර දී ඇති බවයි වාර්තා වන්නේ. උද්ඝෝෂකයන්ගේ මතයට ගරු කරමින් විකිරණශීලී ජලය මුදා හැරීමට වෙනත් ක්‍රමවේදයක් ජපාන රජය යොදා ගනු ඇති බවට ජනතාව විශ්වාසය පළ කරනවා.
The post ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරයේ ජලය මුහුදට මුදා හැරීමට ජපාන බලධාරීන් තීරණය කරයි appeared first on ITN News.
Post a Comment