ඉඹුල්පේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගම්මාන කිහිපයක බෝග වගාවට හානි කළ අලි රංචුවක් පළවා හැරීමට වනජීවී නිලධාරීන් ඊයේ උත්සාහ කළ ද එම උත්සාහය අසාර්ථක වූ බව අප වාර්තාකරුවන් සදහන් කළා.
සමාන් ඇල්ල, නිත්තමළුව, හල්පේ,හල්දුම්මුල්ල ආදී ප්‍රදේශ රැසකට වසර ගණනාවක සිට මෙම අලි රංචුව නිසා විවිධ පීඩාවන් ඇති වුණා. අලින් 5 දෙනෙකු මෙම ප්‍රදේශවල සැරි සරමින් සිටි බවයි ගම්වාසීන් පවසන්නේ. පසුගිය ආණ්ඩුව සමයේ අලිවැට ඉදිකිරීමේදී අනුගමනය කළ වැරදි ප්‍රතිපත්ති නිසා මෙම ගැටලුව උග්‍ර අතට හැරී තිබෙනවා. මෙහෙයුම සිදුවන ස්ථානයට පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා ඇතුලු පිරිසක් ද පැමිණියා.
The post ගම්මාන කිහිපයක බෝග වගාවට හානි කළ අලි රංචුවක් පළවා හැරේ appeared first on ITN News.
Post a Comment