Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අපේක්‍ෂා රෝහලේ අධ්‍යක්‍ෂ – වසන්ත දිසානායක මහතාගේ අවසන් කටයුතු පස්වරුවේ  

Add comments

මහරගම අපේක්‍ෂා රෝහලේ අධ්‍යක්‍ෂ අභාවප්‍රාප්ත විශේෂඥ වෛද්‍ය වසන්ත දිසානායක මහතාගේ දේහය පිළිබද අවසන් කටයුතු  අද පස්වරුවේ සිදු කිරීමට නියමිතයි. ඒ පන්නිපිටිය පොදු සුසාන භූමියේදී.

දේහය මේ වන විට පන්නිපිටිය සෙත්සිරි පෙදෙසේ පිහිටි වසන්ත දිසානායක මහතාගේ පෞද්ගලික නිවසේ තැන්පත් කර තිබෙවා.  දීර්ඝ කාලයක් අපේක්‍ෂා රෝහලේ පරිපාලන කටයුතුවල නිරත වෙමින් රෝගීන්ගේ සුබ සෙත වෙනුවෙන් ඒ මහතා විශාල කැප කිරීමක් සිදු කළා. මිය යන විට වෛද්‍ය වසන්ත දිසානායක මහතා පසු වූයේ 58 හැවිරිදි වියේයි.

වසර  13 කට ආසන්න කාලයක් ඒ මහතා අපේක්ෂා රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ධුරය දැරූ අතර 2019 වසරේ දී අධ්‍යක්ෂ ධුරයට පත් වුණා. වසන්ත දිසානායක මහතා කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි සිසුවෙක්. දෙදරු පියෙකු වන ඒ මහතා රෝගී තත්ත්වයක් හේතුවෙන් සතියක පමණ කාලයක් ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ අලුයම අභාවප්‍රාප්ත වුණා. පිළිකා රෝගීන් කලින් හදුනා ගැනීම සදහා පෙට් ස්කෑන් යන්ත්‍රයක් මිලදී ගැනීමට ද ඒ මහතා මුල් වී කටයුතු කළා.

 

The post අපේක්‍ෂා රෝහලේ අධ්‍යක්‍ෂ – වසන්ත දිසානායක මහතාගේ අවසන් කටයුතු පස්වරුවේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG