ශ්‍රී ලංකාවට ගෙන්වන ආනයනික ද්‍රව්‍ය වරායෙන් නිදහස් කිරීමේ බලය ඇමතිවරයා ලෙස තමන්ට නොමැති බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා. එහි වගකීමත් බලයත් පැවරී තිබෙන්නේ රේගු දෙපාර්තමේන්තුවට බවයි අමාත්‍යවරයා අද පාර්ලිමේන්තුවේදී කියාසිටියේ.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදුන් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා, විෂ සහිත පොල්තෙල් වෙළදපොලට ඇවිත් තියෙනවනම් ඒකට වගකිවයුතු සියලු පාර්ශවයන්ට නීතිය ක්‍රියාත්මක කරන බවද පවසාසිටියා.
රන්ජන් රාමනායක මහතාගේ මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන් ද පක්‍ෂ විපක්‍ෂ මන්ත්‍රීවරුන් අතර උණුසුම් තත්ත්වයක් ඇති වුණා.
The post විෂ පොල්තෙල් වෙළදපොළට ඇවිත්නම් වගකිවයුත්තන්ට නීතිය ක්‍රියාත්මක කරනවාමයි – ඇමති බන්දුල appeared first on ITN News.
Post a Comment