මෙරටට ගෙන්වන පොල්තෙල්වල පවතින ඇෆ්ලටොක්සින් සම්බන්ධයෙන් සවීස්තරාත්මකව පූර්ණ පරීක්ෂණයක් කිරීමට රජය කටයුතු කරගෙන යන බවත්, යම් යම් තීන්දු තීරණ ගැනීමට කටයුතු කරමින් පවතින බවත්,මෙරටට ගෙන්වන පොල්තෙල් හා සම්බන්ධව යම් යම් රාජ්‍ය නිලධාරීන් සම්බන්ධ වී ඇත්නම් ඔවුන් සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගන්නා බවත් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.
ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේ දී අද (06) දින පැවති කැබිනට් මාධ්‍ය දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ජනමාධ්‍යයට අදහස් දක්වමින් ඒ මහතා මේ බව පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා පැවසුවේ, මේ ආකාරයට පොල්තෙල් ගෙන්වීම දිගු කළක සිට සිදු වූවක් වන්නට හැකි බවත්, මේ මොහොතේ ඒ සම්බන්ධයෙන් කරළියට පැමිණ ඇති බැවින් විධිමත්ව සොයා බැලීමට රජය තීරණය කර ඇති බවත්ය.
පාම් ඔයිල් ගෙන්වීම නැවැත්වීම සඳහා නිකුත් කළ ගැසට් පත්‍රය සම්බන්ධයෙන් අදහස් දැක්වූ ඒ මහතා පැවසුවේ, මේ අවස්ථාවේ දී මෙම ගැසට් පත්‍රය මගින් දේශිය වෙළඳපොලේ පොල්තෙල් මිල ඉහළ යා හැකි බැවින් ජනතාවගේ පාර්ශවයෙන් සිතා බලා එම ගැසට් තීන්දුව ඉදිරියේදී වෙනස් විය හැකි බවත්ය.
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරියගේ ප්‍රකාශය සම්බන්ධයෙන් එම ආයතනයේ නිලධාරීන් සමඟ සාකච්ඡා කර රජය ගතයුතු ක්‍රියාමාර්ග මොනවාද යන්නසම්බන්ධයෙන් ඉදිරියේ දී ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවත්,ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරිය විසින් කළ ප්‍රකාශය අනුමත නොකරන බවත් ජනමාධ්‍යවේදියකුට අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසීය.
වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරිය කළ සම්පූර්ණ ප්‍රකාශය පිළිබඳව ඉදිරියේදී පරීක්ෂණයක් කිරීමට නියමිත බවයි.
The post පොල්තෙල් සම්බන්ධයෙන් සවීස්තරාත්මකව පූර්ණ පරීක්ෂණයක් සිදු කරනවා- කැබිනට් මාධ්‍ය ප්‍රකාශක appeared first on ITN News.
Post a Comment