දංකොටුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් පොල්තෙල් බවුසර් දෙක සම්බන්ධයෙන් පරීක්ෂණ වාර්තා කඩිනමින් ලබා දීමට නියමිතයි.
පොලිස් හදිසි ඇමතුම් ඒකකයට ලද තොරතුරකට අනුව දංකොටුව ප්‍රදේශයේ පොල්තෙල් නිෂ්පාදනාගාරයක ගාල් කර තිබියදී ආනයනික පිරිපහදු නොකළ පොල්තෙල් බවුසර් දෙකක් පොලීසිය අත්අඩංගුවට ගනු ලැබුවේ ඉකුත් 28 වනදායි. පොල්තෙල් ලීටර් 55,000 ක් මෙම බවුසර් දෙකෙහි ගබඩා කර තිබුණු අතර ඉකුත් 31 වනදා එම ලීටර් තොගය රේගුවට භාර දුන්නා.
මෙම පොල්තෙල් සාම්පල ආයතන 3 ක් වෙත පරීක්ෂණ කටයුතු සඳහා යොමු කිරීමට පියවර ගැනුනේ පිළිකාකාරක විෂ සංඝටක පොල්තෙල්වල ඇද්දැයි පරීක්ෂා කිරීමටයි. ඒ අනුව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර පරීක්ෂණ ඒකකයට සහ රජයේ රස පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මෙම සාම්පල යොමු කර තිබුණා. ඒ අනුව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය මගින් නිකුත් කිරීමට නියමිත සාම්පලවල වාර්තා අද දිනයේ ලැබීමට නියමිත බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුදත්ත ද සිල්වා මහතා අප කළ විමසීමකදී සඳහන් කළා.
එමෙන්ම අනෙක් ආයතන දෙකට යොමු කළ සාම්පලවල ප්‍රතිඵලද අද හෝ හෙට ලැබෙනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා. රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියේ මෙම පොල්තෙල්වල පිළිකාකාරක අඩංගුද නැද්ද යන්න පිළිබදව එම පරීක්ෂණවල ප්‍රතිඵලවලින් තහවුරු කර ගත හැකි බවයි. මේ අතර මෙරටට ගෙන්වූ පිළිකාකාරක සහිත පොල්තෙල්වලින් කොටසක් ප්‍රතිඅපනයනය කිරීමේ කටයුතුද මේ වන විට ආරම්භ වී තිබෙනවා.
The post අත්අඩංගුවට ගත් පොල්තෙල් බවුසර් දෙක ගැන පරීක්ෂණ වාර්තා කඩිනමින් appeared first on ITN News.
Post a Comment