කෘෂි කර්මාන්තය මුවාවෙන් රජයේ වන රක්ෂිත විනාශ කිරීමට ඉඩ දෙන්නේ නැති බව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය පවසනවා.
ත්‍රිකුණාමලයේ රජයේ රක්ෂිතවලට ඇතුලුවීම වළක්වා ලමින් සවිකළ දැන්වීම් පුවරු ඉවත් කරන්නැයි ඉල්ලා විරෝධතාවක් පැවැති ස්ථානයකට ගිය අවස්ථාවේයි ආණ්ඩුකාරවරිය මේ බව පැවසුවේ.
ත්‍රිකුණාමලය ප්‍රදේශයේ වන විනාශය වැළැක්වීම සදහා රජයේ රක්ෂිතවලට ඇතුලුවීම තහනම් බව පවසමින් දැන්වීම් පුවරු සවි කිරීමට නැගෙනහිර පළාත් ආණ්ඩුකාර කාර්යාලය කටයුතු කළා. මේ අතරතුර ආණ්ඩුකාරිනි අනුරාධා යහම්පත් මහත්මිය කුච්චවේලි පිච්චමල් විහාරයේ ආගමික වතාවත්වලට සහභාගි වීමට යමින් සිටියදී මග හරස් කරමින් ප්‍රදේශයේ පිරිසක් උද්ඝෝෂණයක නිරත වුණා. ඔවුන් කියා සිටියේ අදාළ දැන්වීම් පුවරු ඉවත් කළ යුතු බවයි. එහිදි ආණ්ඩුකාරවරිය උද්ඝෝෂණකරුවන් හමුවට ගොස් කරුණු විමසුවා. දැන්වීම් පුවරු සවිකර ඇති ස්ථානවලට පිටුපසින් තම ගොවි ඉඩම් පවතින බව උද්ඝෝෂණකරුවන් කියා සිටියා. අනතුරුව ආණ්ඩුකාරවරිය එම ඉඩම් නැරඹීමටද ගියා.
නීත්‍යානුකූලභාවය සනාථ කිරීමෙන් පසු ගොවිතැන් කටයුතු සිදු කළ හැකි බවත් ඒ මුවාවෙන් රජයේ රක්ෂිත විනාශ කිරීමට ඉඩ දිය නොහැකි බවත් ආණ්ඩුකාරවරිය පැවසුවා. කෙසේවෙතත් ගැටලුවට විසදුම් ලබා දෙන බව පැවසීමෙන් පසු විරෝධතාකරුවන් විසිර ගියා.
The post කෘෂි කර්මාන්තය මුවාවෙන් රජයේ වන රක්ෂිත විනාශ කිරීමට ඉඩ දෙන්නේ නැහැ – නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරිය appeared first on ITN News.
Post a Comment