පාස්කු ඉරිදා දිනය හෙටට යෙදී තියෙනවා. ඒ වෙනුවෙන් දිවයින පුරා පිහිටි කතෝලික දේවස්ථානවලට විශේෂ ආරක්ෂාවක් ලබාදීමට පියවර ගෙන තිබෙන බව ආරක්ෂක අංශ සදහන් කරන්වා.
කිතුණුවන් මහත් හරසරින් සමරන පාස්කු ඉරිදා දිනය හෙටට යෙදී තිබෙනවා. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මරණය පරදා උත්තානයවීම සිහිගන්වන පාස්කු ඉරිදාව සමරමින් සියලු කතෝලික දේවස්ථානවලදී විශේෂ ආගමික වැඩසටහන් පැවැත්වීමටයි කටයුතු යොදා ඇත්තේ. සියලු කතෝලික දේවස්ථාන සදහා පූර්ණ ආරක්ෂාවක් යෙදවීමට රජය පියවර ගෙන තිබෙනවා.
පොලීසිය හා ත්‍රිවිධ හමුදාවේ දොළොස්දහස් 40 දෙනෙකු ඒ සදහා යොදවා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේ.
The post පාස්කු ඉරිදා දිනය හෙට – කතෝලික දේවස්ථානවලට විශේෂ ආරක්ෂාවක් appeared first on ITN News.
Post a Comment