ශ්‍රී ලංකා පොදුජන පිරිවෙන් හා දහම්පාසල් ගුරු සම්මේලනයේ හම්බන්තොට දිස්ත්‍රික් හමුව තංගල්ල නගර සභාවේදී පැවැත්වුණා.
ප්‍රදේශයේ විහාරාධිපතිවරුන් සහ දහම්පාසල්වල මුල්ගුරුවරුන් මෙන්ම ශිෂ්‍ය නායක නායිකාවන් මෙම අවස්ථාවට එක්වුණා. රැස්වීම පැවැත්වුණේ අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. මෙම අවස්ථාවට මහාසංඝරත්නය මෙන්ම රාජ්‍ය අමාත්‍ය ඩී.වී චානක සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ලලිත් එල්ලාවල සහ අජිත් රාජපක්ෂ යන මහත්වරුන්ද එක්ව සිටියා.
ගම්පහ දිස්ත්‍රික් පොදුජන රූපලාවන්‍ය සංගමයේ සමුළුව ද ගම්පහ නගර ශාලාවේදී පැවැත්වුණා.ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී උපුල් මහේන්ද්‍ර මහතාගේ ප්‍රධානත්වයෙන්. දිස්ත්‍රික්කයේ රූපලාවන්‍ය ශිල්පීන් සහ ශිල්පිනියන් විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.
The post පොදුජන පිරිවෙන් හා දහම්පාසල් ගුරු සම්මේලනයේ හමුව තංගල්ල නගර සභාවේදී appeared first on ITN News.
Post a Comment