කැලිකසල හා අපද්‍රව්‍ය මහවැලි ගඟට මුසුවීම වැළැක්වීමේ වැඩපිළිවෙළක් රජය සැළසුම්කර තිබෙනවා.
මහනුවර නාගරික බල ප්‍රදේශයේ මහවැලි ගග ගලාබසින ප්‍රදේශයේ ඝන අප්‍රදව්‍ය ගගට මුදාහැරීම ඉහළ ගොස් තිබෙනවා. දීරඝ කාලයක් පවතින මෙම ගැටලුව අවසන් කිරීම ව්‍යාපෘතියේ අරමුණයි. මේ අනුව මහනුවර නඩවත්සතර, ගඟවට කෝරළය ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ හදුනාගත් ස්ථාන 250 කට අධික සංඛ්‍යාවක් නිරීක්ෂණය කර තිබෙනවා. එහිදී අනවසර ඉදිකිරීම් වැළැක්වීම, ගංගාව සහ ජල මූලාශ්‍ර සුරක්ෂිත කිරීම ව්‍යාපෘතියට ඇතුළත්. මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් මහතාගේ මූලිකත්වයෙන් මෙම කටයුතු සිදුකෙරෙනවා.
The post මහවැලි ගඟට කැලිකසල හා අපද්‍රව්‍ය මුසුවීම වැළැක්වීමේ වැඩපිළිවෙළක් appeared first on ITN News.
Post a Comment