මෙරටට පැමිණි චීන ආරක්ෂක අමාත්‍ය ජෙනරාල් වෙයි ෆෙන්ග්හි මහතා අද (28) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු වුණා.ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේදී.
දෙදින නිල සංචාරයක් සදහා චීන ආරක්ෂක අමාත්‍ය වෙයි ෆෙන්ග්හි මහතා ඊයේ (27) රාත්‍රියේ කටුනායක ගුවන් තොටුපළින් දිවයිනට පැමිණියා. මෙහිදී ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න මහතා සහ යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා යන මහත්වරුන් විසින් ෆෙන්ගි මහතා පිළිගනු ලැබුවා.
වෙයි ෆෙන්ග්හි මහතා සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර හමුව සිදුවුණේ අද (28) පෙරවරුවේයි. අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය සදහන් කලේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ වෙයි ෆෙන්ග්හි මහතා අතර හමුව අද පස්වරුවේ අරලියගහ මන්දිරයේදී සිදුවන බවයි.
The post චීන ආරක්ෂක ඇමති ජනපති හමුවෙයි appeared first on ITN News.
Post a Comment