දේශපාලන පළිගැනීම් පිළිබද සොයා බැලීමට ජනාධිපතිතුමා ත්‍රිපුද්ගල කමිටුවක් පත් කරනු ලැබුවා. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ප්‍රියන්ත සමරකෝන්, ඛේමා කුමුදිනී වික්‍රමසිංහ හා අභියාචනාධිකරණ විනිසුරු සෝභිත රාජකරුණා යන මහත්ම මහත්මීන් මෙම කමිටුවේ සාමාජිකයන් වනවා.
එම කමිටුවට පැවරී ඇති වගකීම් පුළුල් කරමින් ජනාධිපති ලේකම්වරයා නව ගැසට් පත්‍රය නිකුත් කිරීමට පියවර ගනු ලැබුවා.
ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම , බලය අනිසි ලෙස භාවිත කිරීම, දූෂණය, සාපරාධි සාවද්‍ය පරිහරණය, වංචා කිරීම් ආදී නව කරුණු මෙම ගැසට් පත්‍රයට ඇතුළත් කර ඇත්තේ දේශපාලන පළිගැනීම්වලට අමතරවයි.
The post දේශපාලන පළිගැනීම් ගැන සොයන කමිටුවේ වගකීම් පුළුල් කෙරේ – ගැසට්ටුවත් නිකුත් වෙයි appeared first on ITN News.
Post a Comment