ඇස්ට්‍රා සෙනෙකා කොවිශීල්ඩ් එන්නතේ දෙවන මාත්‍රාව සෞඛ්‍ය කාර්ය මණ්ඩලය සදහා ලබාදීම අද ඇරඹුනා.
කොළඹ 10 ඩාලි පාර ප්‍රජා මණ්ඩලයේදී සහ කොළඹ 14 නිව් බසාර් මාතෘ නිවාසයේදී එන්නත්කරණ වැඩසටහන ආරම්භ කෙරුණු බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළේ. පළමුවර එන්නත ලබාගැනීමෙන් පසු ප්‍රතිදේශ කොපමනය සෑදී තිබෙනවාද යන්න සොයා බැලීම සදහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය රුධිර සාම්පල ලබාගැනීමක් ද සිදු කරනවා. දෙවන මාත්‍රාව ලබාදීමේ වැඩසටහන යටතේ එන්නත් මාත්‍රා ලක්ෂ 03 ක් වෙන් කර තිබෙනවා. ප්‍රථමෙන්ම සෞඛ්‍යකාර්ය මණ්ඩලයට සහ ආරක්ෂක අංශවලට දෙවන මාත්‍රාව ලබාදීමට නියමිතයි.
The post ඇස්ට්‍රා සෙනෙකා දෙවන මාත්‍රාව ලබාදීම ඇරඹෙයි appeared first on ITN News.
Post a Comment