ජංගම එන්නත්කරණ බස් රථ පෙළක් හදුන්වා දීමට චීනය කටයුතු කර තිබෙනවා.
චීනයේ ජාතික ප්‍රතිශක්තිකරණ වැඩපිළිවෙල වේගවත් කිරීමේ පියවරක් ලෙස මෙම ජුනි මස අවසානය වන විට ජනගහණයෙන් සියයට 40 ක් කොවිඩ් 19 ප්‍රතිශතිකරණයට ලක් කිරීමේ ඉලක්කයට ලගා වීමේ අරමුණින් මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කර තිබෙනවා. කොවිඩ් 19 ව්‍යාප්තිය වැළැක්වීම සහ පාලනය කිරීම සදහා වඩාත් ඵලදායි මාධ්‍යයක් ලෙස එන්නත්කරණය සදහා ප්‍රමුඛත්වය ලබා දීමටයි චීනය කටයුතු කරනු ලබන්නේ. ජංගම එන්නත් කිරීමේ බස් රථය ප්‍රමිතීන්ට අනුකූලව නිර්මාණය කරන ලද්දක් බවයි චීනය වැඩිදුරටත් සදහන් කරන්නේ.
The post චීනයෙන් ජංගම එන්නත්කරණ බස් රථ පෙළක් appeared first on ITN News.
Post a Comment