තේ සහ රබර් වතු කම්කරුවන්ගේ දෛනික අවම වැටුප රුපියල් දහසක් බවට ප්‍රකාශයට පත් කරමින් රජය නිකුත් කර ඇති ගැසට් නිවේදනය බලරහිත කරන රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා වතු සංගම් 20 ක් ගොනු කර තිබෙන පෙත්සම විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අවසර ලබා දි තිබෙනවා.
අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර සහ මායාදුන්නේ කොරයා යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල මෙම නියෝගය ලබා දුන්නා. පෙත්සම පිළිබද විභාගය මැයි මස 5 වනදා පැවැත්වීමට තීන්දු කළ විනිසුරු මඩුල්ල පෙත්සමේ වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කරන ලෙසද නියෝග කළා. ගැසට් නිවේදනය නීතිවිරෝධී තීන්දුවක් බව පෙන්වා දෙන පෙත්සම්කරුවන් එම තීරණය ඔස්සේ වතු කර්මාන්තය අර්බුදයකට ලක් විය හැකි බව පවසනවා.
The post වතු සංගම් ගොනු කර තිබෙන පෙත්සම විභාගයට ගැනීමට අභියාචනාධිකරණයෙන් අවසර appeared first on ITN News.
Post a Comment