වව්නියාව පොලිසියේ නිලධාරීන් හත් දෙනෙකුට කොරෝනා ආසාදිත වී තිබෙනවා. මූලස්ථාන පොලිසියට අනුයුක්තව සේවය කළ නිලධාරීන් ප්‍රතිකාර සදහා යොමු කර ඇති අතර ආශ්‍රිතයින් පීසිආර් පරීක්ෂණවලට ලක් කිරීමටයි කටයුතු කර ඇත්තේ.
කොරෝනාවට ගොදුරු වුණ තවත් 2584 දෙනෙක් ඊයේ දවසෙදි අපේ රටෙන් හමුවුණා. ඒ වගේම කොරෝනාවට ගොදුරු වෙලා හිටපු තවත් 27 දෙනෙකුට අවාසනාවන්ත ලෙස ජීවිත අහිමි වුණා.
ඊයේ දිනයේ හදුනාගත් කොරෝනා ආසාදිතයින් 2584 දෙනා අතරින් 12 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි පුද්ගලයින් වනවා. වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව කොළඹින් හදුනාගත් අතර එම පිරිස 429 ක්. ගම්පහින් ආසාදිතයින් 415 ක් හා කළුතරින් ආසාදිතයින් 356 ක් ඊයේ හදුනාගත් පිරිසට ඇතුළත්. මේ අනුව මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 174,860 ක් වනවා. ඒ අතුරින් 28336 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර මෙරට සුවය ලැබූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව එක් ලක්ෂ හතලිස් තුන් දහස් හත්සිය අසූ අටක්. තවත් කොරෝනා මරණ 23 ක් වාර්තා වී තිබෙනවා. ඒ අනුව මේ දක්වා මෙරට සිදුවී ඇති සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 1325 දක්වා ඉහළ ගියා.
The post වව්නියාව පොලිසියේ නිලධාරීන් 07 දෙනෙකුට කොවිඩ් appeared first on ITN News.
Post a Comment