Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

MOH ගේ රාජකාරියට බාධා කළ මොරටුව නගරාධිපති අත්අඩංගුවට  

Add comments

මොරටුව නගරයේ ඊයේ සිදු කෙරුණු කොරෝනා එන්නත් ලබා දීමේ වැඩසටහනකදී ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරිය ඇතුලු වෛද්‍ය නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් මොරටුව නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු මහතාට එරෙහිව එම නිලධාරීන් පැමිණිල්ලක් ගොනු කළා. කෙසේවෙතත් එම පැමිණිල්ලට අදාලව මොරටුව නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු මහතා අද උදෑසන ගල්කිස්ස පොලිස් ස්ථානය වෙත භාර වී තිබෙනවා.

මොරටුව මෝල්පේ ප්‍රදේශයේ කොරෝනා එන්නත ලබා දෙන මධ්‍යස්ථානයකදී මොරටුව නගරාධිපතිවරයා සහ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය  නිලධාරීනිය අතර බහින්බස් වීමක් ඇතිවුණා. එන්නත් ලබා දීම සදහා පැමිණෙන පුද්ගලයින්ට නගරාධිපතිවරයා ටෝකන් පත් ලබා දී තිබූ අතර නගරාධිපතිවරයා නිකුත් කරන ලද ටෝකන්පත්වලට පමණක් එන්නත් ලබා දීම සිදු කළ නොහැකි බව පවසමිනුයි ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය  නිලධාරීනිය හා නගරාධිපතිවරයා අතර ගැටුම ඇතිවූයේ.

කෙසේ වෙතත් සිද්ධිය සමථයකට පත් කිරීම සදහා පොලීසිය මැදිහත් වූ අතර ඉන්පසුව එන්නත් ලබා දීමේ කටයුතු ආරම්භ කෙරුණා. අනතුරුව ඊයේ සන්ධ්‍යාවේදී මොරටුව ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය  නිලධාරීනිය ඇතුලු කණ්ඩායමක් නගරාධිපතිවරයා තමන්ගේ රාජකාරියට බාධා කළ බව පවසමින් ගල්කිස්ස පොලීසියේ පැමිණිල්ලක් ගොනු කර තිබෙනවා. පසුව එම පැමිණිල්ලට අදාළව නගරාධිපතිවරයා අත්අඩංගුවට ගැනීම සදහා ඊයේ රාත්‍රියේ සිටම පොලිස් කණ්ඩායමක් ක්‍රියාත්මක වූ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කරන්නේ.

The post MOH ගේ රාජකාරියට බාධා කළ මොරටුව නගරාධිපති අත්අඩංගුවට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG