දින 94 ක කාලයකට පසු ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ මෙල්බර්න් නුවරින් නව කොරෝනා ආසාදිතයින් 26 දෙනෙකු හදුනාගැනීමත් සමග එම ප්‍රාන්තය ඊයේ රාත්‍රියේ සිට නැවතත් වසා දැමීමට කටයුතු කෙරුණා.
විදේශයක සිට පැමිණි පුද්ගලයෙකුගෙන් විකෘති කොරෝනා ප්‍රභේදය ප්‍රාන්තය තුළට ඇතුලු වී ඇති බවට සෞඛ්‍ය අංශ මගින් හෙළිදරව් කිරීමත් සමගින් සංචරණ සීමා දැඩි කිරීමට ද ප්‍රාන්ත බලධාරීන් කටයුතු කළා.
එමෙන්ම ප්‍රාන්ත අතර ගුවන් සේවා අත්හිටුවීමට ද කටයුතු කර තිබෙනවා. වරින් වර කොරෝනා ආසාදිතයින් වාර්තා වීම හේතුවෙන් වික්ටෝරියා ප්‍රාන්තය වසා දැමුණු 4 වන අවස්ථාව මෙය බවට සැළකෙනවා.
The post ආසාදිතයින් 26ක් හදුනාගැනීමත් සමඟ ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තය 4වරටත් වැසේ appeared first on ITN News.
Post a Comment