ශීඝ්‍රයෙන් රටම ගිලගන්නා කොරෝනා වයිරසයට මුහුණදීම සඳහා නව නීති හදුන්වාදීමට ඉන්දියාව තීරණය කර තිබෙනවා.
ගතවූ පැය විසි හතරට එරටින් ආසාදිතයින් 366,499 දෙනෙකු හමුවී ඇති අතර සිදුව ඇති මරණ සංඛ්‍යාව 3,748ක්. ඒ සමඟම ඉන්දියාවේ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 22,662,575ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව 246,146 ක්.
ඉන්දියාවේ පවත්නා තත්ත්වය පිළිබඳව ලොව බොහෝ රටවල අවධානය ද මේ වනවිට යොමුවයි පවතින්නේ. එරට අධික ජනගහනයත් සමඟ වයිරසය පැතිරීම පාලනය කිරීම අපහසුවී ඇති බව ඉන්දීය සෞඛ්‍ය අංශ පවසනවා.
මේ අතර කොරෝනා වයිරස ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා දැනට පනවා ඇති නීති සංශෝධනය කිරීම පිළිබඳව ඉන්දීය මධ්‍යම රජයේ අවධානය යොමුව ඇති බවයි වාර්තා වන්නේ.
The post කොරෝනා වයිරසයට මුහුණදීම සඳහා ඉන්දියාවෙන් අලුත් නීති appeared first on ITN News.
Post a Comment